අදුරු නිම්නය

Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Saturday, April 1, 2017

අවුරුද්දට ශොපින් කරමු

දැන් හැමොම අවුරුද්දට ශොපින් කරන්න ළක ලැහැස්ති වෙනවා ඇති ශොපින් කරන්න කලින් මන් මේ කියන්න යන දේවල් හොදින් සිහියේ තිය ගත්තොත් හොදා

1. යන්නේ මගුල් ගෙදරක නෙමෙයි

හොද හොද ඇදුම් ඇදළා තියෙන තරමක් රත්තරන් බඩු පුරොගෙන ශොපින් යන්න එපා මොකද අපි ශොපින් යනවා මිසක් මගුළ් ගෙදරක යනවා නෙමේයිනේ ඔබ එහෙම ගියාම සොරුන්ගේ පහසු ගොදුරක් බවට පත්වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා ජිවිත කාලයක් පුරා මහන්සි වෙලා ඒ දේවල් හම්බ කර ගත්තේ කොහේවත් යන හොරෙකුට දෙන්න නෙමෙයිනේ ඉතින් ඒ දේවල් පරිස්සමට ගෙදර අල්මාරියේම තියෙන්න දෙන්න ඔබ චාම් විදියට ශොපින් කරන්න

2. ඩ්‍රේසින් රූම් යන්නෙ බලාගෙන

සමහර අසහනකාරි ව්‍යපාරිකයන් විසින් ඩ්‍රේසින් රූම් වල රහසිගත කැමරා සවිකරලා කාන්තාවන් ඇදුම් මාරු කරන දිහා බලන් ඉන්නව කියලා හෙලි වෙලා තියෙනවා ඒ නිස එ ගැන විමසිල්ලේන් ඉන්න එක කොකටත් හොදයි

3. සිහි බුද්ධියේන් වැඩ කරන්න

සමහර අයට (විශේසයෙන් කාන්තා පාර්ශවයට) ලස්සන ඇදුමක් දැක්කාම වටේ පිටේ වෙන්නේ මොනවාද කියලාත් මතක නැති වෙනවානේ ඒ වගේ වෙලාවක් එනකම් ගැට කපන්නො ඔබ දිහා බලන් ඉන්නවා කියන දේ මතක් තියා ගත්තොත් හොදයි. තව දෙයක් ඔබ ගෙවු බිල්පතට අදාළ සියලු දේ ඔබේ මල්ලට දා ගත්තද කියලා පරික්සා කරළා බලලාම කඩෙන් එලියට මේ දවස් වල සෙනග වැඩි නිසා ඒවායේ සේවකයන්ට වුනත් පැටලෙන්න තියෙන ඉඩ වැඩියි මේ වගේ අවස්තා එනකම් සමහර අවස්තවාදින් බලන් ඉන්නවා ඒ නිසා ප්‍රවේසෙමෙන්

එහෙනම් කාගේවත් ගැට වලට හසු නොවි පරිස්සමට ශොපින් කරන්න



හැමොටම කිරි පැණි උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා



No comments:

Post a Comment