අදුරු නිම්නය

Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Saturday, April 22, 2017

මීතොටමුල්ලට පසුව

කුනු කන්දක් නාය ගොස් ඇත. දැන් එකිනෙකා හට චොදනා කරමින් සිට පලක් නැත. පලමුව ඒ ජිවිත නැවත ගොඩනැගිය යුතුව ඇත. දෙවනුව මේ ප්‍රශ්නයට විසදුම් සෙවිය යුතුය තවමත් අප රටෙ දෙසපාලුවන් මේ කුනු කන්ද ඔවුන්ගෙ ගොඩ වැඩි කරගැනිමේ ඒකායන අරමුණෙන් කුනු කන්ද තව තවත් ගද ගස්සවමින් සිටි ඔවුන්ට මේ අසරණ ජනායට කුමක් වුවද කම් නැත ඔවුන් එකිනෙකාට චොදනා කරමින් තමන් සුදනන් විමට යත්ත දරයි දැන් මෙ කුළල් කා ගැනිම නැවත්විය යුතුය

කොළඹ නගරයේ පමණක් කුණු ටොන් 800ක් දිනකට එකතු වන බව සදහන් වෙයි. විටෙක කුණු ප්‍රශ්නයක් කරගෙන සිටින්නේ අපම පමණක්ද යැයි සිතේ. මන්ද යත් වෙනත් රටක කුණු යනු සම්පතකි 

මුල්ම කරුණ නම් කුනු වර්ගිකරනය කල යුතුය දිරන ද්‍රව්‍ය සහ නොදිරන ද්‍රව්‍ය ලෙස වෙන් කළ හැකිනම් මේ ප්‍රශ්නයෙන් අඩක්ම නිමාවේ ඊළගට පළාත් පාළන ආයතන වලට දිරාපත් වන කසල කොම්පොස්ට් සෑදිය හැක අනෙකුත් කසළ ප්‍රතිචක්ක්‍රියකරණය කරනු ලබන ආයතනවලට විකිණිය හැක 

ඉදින් කුණු යනු තවදුරටත් කුණුකර ගත යුත්තක් නොවන් වග අවස්තවාදි දේසපාළුවන් දැන්වත් වටහා ගත යුතුය ඒසේ නොවන්නෙ නම් අපගේ  මී මුනුපුරන්ද ශ්‍රි ලන්කාව සන්වර්ධනය වෙමින් පවතින රටක් බව ඉගෙන ගනු ඇත





No comments:

Post a Comment