අදුරු නිම්නය

Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Friday, March 31, 2017

අත්භුත ආගන්තුකයා 02

මන් ඔයාළාට කිවානේ ගෙදර යන්න ගිහින් බස් මිස් වෙලා මට වෙච්ච ඇබැද්දිය අම්මාගේනුයි තාත්තාගෙනුයි බැනුම් අහපු හැටි ඒත් එක්කම කවුදො කෙනෙක් මන් දිහා බලන් හිටපු හැටි

ඉතින් අද මන් කියන්න යන්නෙ එතනින් ඒහාට වෙච්ච දේ.......


මන් මුළින් හිතුවේ මගේ ෆොන් එකට වැඩේ දෙන්න තමා මේ හදන්නේ කියළා මන් විගහට මගෙ ෆොන් එක සාක්කුවට දා ගත්තා ඒත් මන් වැරදියි මු බලන් ඉන්නේ මගෙ බැග් එක දිහා


මට දෙවියො සිහිවුණා මගේ බැග් එකේ තිබුනේ අපේ පොළොන්නරුව බ්‍රාන්ච් එකට දෙන්න කියළා අපේ බොසා දුන්න වැදගත් ඩොකියුමන්ට් වගයක් ඒ එකක් හරි නැති වුනොත් මගේ ජොබ් එකත් ඉවරයි අන්තිමට හිරෙත් ලගින්නයි වෙන්නේ

මගෙ දිහා ටිකක් වේලා බලන් මිනිහා අඩියක් දෙකක් ඉස්සරාහට ආවා මාත් ඕන දේකට ළැස්ති කියන්නා වගේ බැග් එක අතේ පටළවා ගත්තා ඒත් මන් දෙවියන්ට කියා කියා හිටියේ මාව මේ කරදරේන් ගලවා ගන්න කියළා

අඩියක් දෙකක් ඉස්සරාහට ආපු මිනිහා මගේ දිහා බය වෙලා වගේ බලන් ඉදලා අනිත් පැත්තට දුවන්න ගත්තා මිනිහා කොයි තරම් කළබළ වුණාද කියනවනම් ළග නිදාගෙන හිටපු යාචක යුවළකගේ ඇගේ හැප්පිලා ඔවුන්ගේ ඇග උඩට ඇදගෙන වැටුනා මේ සිදු විම නිසා යාචකයට ගොඩක් කේන්ති ගියා ඔහු ශුද්ධ සින්හලේන් අමතමින් අතට අහුවුණු පොල්ලකින් ඔහුට පහර දුන්නා ඔහු පහර කාගෙනම දිව්වා
මේ සිද්ධිය බලන් හිටපු මට හිනාව නවත්ත ගන්න බැරි වුනා

"වේලාව කියද මහත්තයෝ"

ඒ පාර මොන භුතායද මගෙන් වේලාව අහන්නේ මේ මහ රෑ එහෙම හිතමින් මන් පිටිපස්ස බැලුවා අවුරුදු 70ක් 80ක් ව්තර වෙන වයසක මනුස්සයෙක් මගේ දිහා බලන් හිනා වුණා කටේ එකම එක දතයි තිබුනේ


"වේලාව 12.01යි

'' මන් මේ බදුල්ලට යන්න කියළා මහත්තයෝ ටිකක් රෑ වුණා මේ මහත්තයා කොහාට යන්නද"

එහෙම අහන ගමන් මගේ ළගින් වාඩි වුණා

Sunday, March 26, 2017

අත්භුත ආගන්තුකයා 01

වේලාව රාත්‍රි 7.59යි මම බස් එකෙන් බැහැපු ගමන් දුවන්න පටන් ගත්තේ ගෙදර යන්න තියෙන අවසන් බස් එක රැ 8 පිටත් වන බව දැනන් හිටිය හින්දයි එත් අද උදේ ඉදලම කුමක්දො අවාසනාවක් මා වටා කැරකැවෙමින් තිබෙන බව නැවතත් මට පසක් කරමින් මා පෙනි පෙනිම බස් එක පිටත් වුණා


"දැන් ඉතින් වෙන කුමක් කරන්නද බස්ටැන්ඩ් එකේම නිදනු මිස" අතුල අධිකාරි මහතාගේ ගිතය අවස්ථානොචිතව වෙනස් කරමින් බස්ටැන්ඩ් තිබු බන්කුව මත වාඩිවුණා. ටිකක් වෙලා යනකොට තිබ්බ මහන්සියටම මට බන්කුව උඩ නින්ද ගියා එක යාන්තමට වගේ මගෙ ෆොන් එක රින් වෙන සද්දෙට මට ඇහැරුනා වෙලාව 11.55යි ෆොන් එක දැක්කහමයි මතක් වුනෙ බස් එක මිස් වෙච්ච කතව අම්මාට කියන්න බැරිවුණා කියළා


" කොහේද ළමයො ඉන්නෙ රෑ වෙනවානම් කොල් එකක් දිලා කිය්න්න බැරිද''


මම හෙලො කියන්නත් කලින්ම අම්මාගෙන් නොක්කාඩුව


"අම්මේ 8 බස් එක අල්ලගන්න බැරි වුනා"


"ඉතින් ළමයෝ ඕක කොල් එකක් දිලා කියන්න තිබුනානේ අපි ඔයා එනකම් මෙහේ බලන් ඉන්නවා දැන් ආපහු බොඩිමට ගියාද ඉතින්"


"අම්මේ බොඩිමට යන අන්තිම බස් එක යන්නේ හතාමාරටනේ මම මේ.......... බස්ටැන්ඩ් එකේ ඉන්නේ"


"බස්ටැන්ඩ් එකේ? බස්ටැන්ඩ් එකේ මොනවා කරනවාද මේ මහ රෑ"


එතනින් එහාට අම්මගේන් බැනුම්, උපදෙස් කෝටියයි අතරින් පතර තාත්තාගේ කටහඩත් ඇහුණා මේ වෙලාවේ මට පෙනුණා මන් දිහා කෙනෙක් බලන් ඉන්නවා කියලා


"හරි අම්මේ අපි ගෙදර ඇවිත් කතා කරමු දැන් ඉතින් මට කරදරයක් නැහනේ මන් තියන්නම් බුදු සරණයි"

Thursday, March 23, 2017

මගෙ 1 වෙනි පොස්ට් 1 හොද නරක කියලා දිරිමත් කරන්න

මේක ගොඩක් දවසක ඉදන් කරන්න හදන වැඩක් එත් අද තමයි වේලාවක් ලැබුනේ අදුරු නිම්නය ගැන ඔයලාගේ අදහස් ගොඩාක් ප්‍රයොජනවත් වෙයි

අලුතෙන් බ්ලොග් ලියන්න ඉන්න අයටත් මගෙ අත්දැකිම් වැදගත් වෙයි කියල හිතනවා මේ වගේ දෙයක් කරන්න ලොකු ආශාවක් තිබුනට මොනවද මේකෙ ලියන්නේ කියලාවත් මට තාමත් හිතාගන්න බෑ

වෙන දවසක මීට වඩා දෙයක් කියන්නම් තව දෙයක් කියන්නම ඔනේ

http://syberwave.blogspot.com/2015/01/blog-post_8.html

කියන බ්ලොග් 1න් තමයි මන් බ්ලොග් හදන්න ඉගේන ගත්තෙ ඒ බ්ලොග් පොස්ට් 1න් ඒ නිසා ඒ බ්ලොග් පොස්ට් 1 හදපු මලිත් නුවන් සහෝට තැන්ක්ස් කරන 1 මගේ යුතුකමක් කියල හිතනවා

පුලුවන් විදියට වැරදි අඩුපාඩු coment කරන්න