අදුරු නිම්නය

Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Sunday, April 9, 2017

අත්භුත ආගන්තුකයා (අවසන් කොටස)

"මම පොළොන්නරු යන්න කියළා එනකොට රෑ වුනා බස් එක මිස් වුණා සියේ"

"හ්ම්ම්ම්ම්ම්ම්" ඔහු දිග සුසුමක් හෙලුවා.

එක අතකට තනියට කෙනෙක් හම්බ වුණ එකත් හොදයි කියල මාත් කථාවට බැස්සා.

"ඉතින් සියේ කොහමද මේ දවස්වල බදුල්ලට වහිනවද" අහන්න දෙයක් තිබුනේම නැති නිසයි මන් එහෙම ඇහුවේ.

සියත් එක්ක කතාවට වැටුන මට වෙළාව යනව දැනුනෙත් නැහැ.සියාට රටතොට ගැන මාර දැනිමක් තිබුනේ එයාගේ සමහර කතාවලට මට උත්තර දෙන්න බැරි වුණා. අපේ කතාව ගොඩාක් දුර ගියා. බස් එකක්  බස්ටැන්ඩ් එකට ඇතුල් කරනවා දැකපු මම වෙළාව බැලුවා උදේ 4.20යි

"පුතේ බස් එකක් එනවා නේද බලන්න බදුල්ල බස් එකද කියලා"

මන් බස් එකේ බොඩ් එක දිහා බැලුවා "පොලොන්නරුව"
සියේ එක බදුල්ල නෙමේ එක මගේ බස් එක එහෙනම් සියේ මම යනවා සියත් පරිස්සමට ගෙදර යන්නකො"

මන් එහෙම කියන ගමන් පිටිපස්ස හැරුනේ සියාගේන් සමුගන්න හිතාගෙන එත් සියා පේන තෙක් මානෙක නැහැ මම මුලු බස් නැවතුම පිරලා හෙවුවත් සියාව දැක්කෙ නැහැ


තවත් මේ වගේ කතාවකින් හමුවෙමු  එතෙක් ඔයාල හැමොට සුබ අනාගතයක්!!!!


No comments:

Post a Comment