අදුරු නිම්නය

Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Sunday, March 26, 2017

අත්භුත ආගන්තුකයා 01

වේලාව රාත්‍රි 7.59යි මම බස් එකෙන් බැහැපු ගමන් දුවන්න පටන් ගත්තේ ගෙදර යන්න තියෙන අවසන් බස් එක රැ 8 පිටත් වන බව දැනන් හිටිය හින්දයි එත් අද උදේ ඉදලම කුමක්දො අවාසනාවක් මා වටා කැරකැවෙමින් තිබෙන බව නැවතත් මට පසක් කරමින් මා පෙනි පෙනිම බස් එක පිටත් වුණා


"දැන් ඉතින් වෙන කුමක් කරන්නද බස්ටැන්ඩ් එකේම නිදනු මිස" අතුල අධිකාරි මහතාගේ ගිතය අවස්ථානොචිතව වෙනස් කරමින් බස්ටැන්ඩ් තිබු බන්කුව මත වාඩිවුණා. ටිකක් වෙලා යනකොට තිබ්බ මහන්සියටම මට බන්කුව උඩ නින්ද ගියා එක යාන්තමට වගේ මගෙ ෆොන් එක රින් වෙන සද්දෙට මට ඇහැරුනා වෙලාව 11.55යි ෆොන් එක දැක්කහමයි මතක් වුනෙ බස් එක මිස් වෙච්ච කතව අම්මාට කියන්න බැරිවුණා කියළා


" කොහේද ළමයො ඉන්නෙ රෑ වෙනවානම් කොල් එකක් දිලා කිය්න්න බැරිද''


මම හෙලො කියන්නත් කලින්ම අම්මාගෙන් නොක්කාඩුව


"අම්මේ 8 බස් එක අල්ලගන්න බැරි වුනා"


"ඉතින් ළමයෝ ඕක කොල් එකක් දිලා කියන්න තිබුනානේ අපි ඔයා එනකම් මෙහේ බලන් ඉන්නවා දැන් ආපහු බොඩිමට ගියාද ඉතින්"


"අම්මේ බොඩිමට යන අන්තිම බස් එක යන්නේ හතාමාරටනේ මම මේ.......... බස්ටැන්ඩ් එකේ ඉන්නේ"


"බස්ටැන්ඩ් එකේ? බස්ටැන්ඩ් එකේ මොනවා කරනවාද මේ මහ රෑ"


එතනින් එහාට අම්මගේන් බැනුම්, උපදෙස් කෝටියයි අතරින් පතර තාත්තාගේ කටහඩත් ඇහුණා මේ වෙලාවේ මට පෙනුණා මන් දිහා කෙනෙක් බලන් ඉන්නවා කියලා


"හරි අම්මේ අපි ගෙදර ඇවිත් කතා කරමු දැන් ඉතින් මට කරදරයක් නැහනේ මන් තියන්නම් බුදු සරණයි"

1 comment: