අදුරු නිම්නය

Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Sunday, July 9, 2017

රොබෝ මානවකයා (තෙවන දිග හැරුම)

අද 2027 ජනවාරි 04 වෙනිදා අද තමයි මගේ මුල්ම ජොබ් එකට යන පළවෙනි දවස රස්සාව ඈශ් මීඩීයා නෙට්වර්ක්(ash media network) එහෙම නැත්තම් 24x7 නාලිකාවේ නිවේදිකා තනතුර මම දැන් ඉන්නේ 24x7 මැදිරි සන්කිරණය ඉස්සරහා රතු පාට ගේට්ටුවේ කියලා නිල් පාටින් ගහලා තිබුනා වම් පැත්තට වෙන්න තිබුන පොඩි ගේටුව ලග ආරක්ශක නිලධාරි කුටිය තිබුනා මම එතන හිටපු ආරක්ශක නිලධාරියෙකුට මගෙ පත්විමේ ලිපිය දුන්නා "මොකක්ද මේ මිස්ගේ නම"
"මම ආකාශි විජේවර්ධන"
"කරුණාකරළා මිස්ගේ අයිඩින්ටිය දෙන්න"
මම හැදුනුම්පත ඔහුට දුන්නා ඔහු මා දිහාත් හදුනුම්පත දිහාත් ලිපිය දිහාත් බලමින් පොතක මොනවදෝ ලිව්වා මගේ හැදුනුම්පත ආපහු මට දෙන ගමන් පොත මට පෙන්නලා "මිස් මෙතනින් අත්සනක් දාන්න"
මම අත්සන් කරන අතරේ ඔහු මට පාර පෙන්නන්න ගත්තා
"කෙළින්ම ගිහින් දෙවෙනි කොරිඩොවෙන් වමට හැරිලා  ටික දුරක් යනකොට එතන තියෙන ලිෆ්ට් එකෙන් ----------------"
මට පේන්නේ මිනිහා හිතාන ඉන්නේ මම තාම බබා කියළාද දන්නෑ 
"කරුණාකරළා මට කියනවාද මන් හම්බ වෙන්න ඕනි කාවද කියළා එතකොට මට ටිකක් ලෙසි වෙවි" අහපු ප්‍රශ්නේ වැරදිද අහපු විදියේ වරදක්ද දන් නැහැ මිනිහාට ටිකක් කෙන්ති ගියා "නිව්ස් එඩිට මිස්ට දයාරත්නව හම්බ වෙන්න" දැන් ඉතින් මොනව කරන්නද මම දෙතුන් දෙනෙකුගේ උදව් උපකාර ඇතිව කොහම හරි මිස්ට දයාරත්නව හොය ගත්තා මම මිස්ට දයාරත්නගේ රූම් එකට ඇතුල් වුනා මුහුණ පුරා රැවුල වවපු අවුරුදු 40 විතර පිරිමි කෙනෙක් මගේ ඉස්සරහා ඉදන් ඉන්නවා මම ෆයිල් එක එයාගේ අතට දුන්නා "සිට් සිට්" මගේ ෆයිල් එක බලන ගමන් ඔහු ඇමතුමක් ගත්තා "සුදේශ් මගේ රූම් එකට එන්න"   

"මේ ළමයාගේ නම මොකක්ද කිවේ"
"සර් මම ආකාශි, ආකාශි විජේවර්ධන"
"ආකාශි දන්නවා ඇතිනේ අපේ චැනල් එක තමයි ලන්කාවේ නම්බර් වන් නිව්ස් චැනල් එක කියළා" 
"ටක් ටක් ටක්" කවුදෝ දොරට තට්ටු කරා 
"කම් ඉන්"
"මිස්ට සුදේශ් සිට් සිට් ආකාශි මේ සුදේශ් රත්නායක ඔයාට ඉස්සරහාට වැඩ කරන්න වෙන්නෙ මේ සුදෙශ් එක්ක තමයි මිස්ට සුදේශ් මේ ඔයාගේ නිව් ප්‍රසන්ට්‍ර ආකාශි විජේවර්ධන"
"හෙලෝ" "හෙලෝ"
"එහෙනම් මිස් ආකාශි අපි පස්සෙ වෙලාවක හම්බ වෙමු බෙස්ට් ඔෆ් ලක් සුදේශ් මෙයාව ඔයාට බාරයි" 

No comments:

Post a Comment